වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් යළිත් රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඔක්තොම්බර් 11 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අතිරේක මහේසත‍්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කර තිබේ.

අධිකරණය මගහරිමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ අතර, ඔහු පසුගිය අගොස්තු 18 දින නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරනයට භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි. සැකකරු වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top