ඇඟළුම් කර්මාන්ත සේවිකාවන් 200ක් හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහලට..

නොර්වුඩ් නිව්වැලිගම පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක ඇඟළුම් සේවිකාවන් දෙසීයයකට ආසන්න පිරිසක් හදිසියේ රෝගාතුර වී දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් එක්වරම සිහිසුන්ව ඇදවැටිම නිසා එම සේවිකාවන් රෝහල්ගත කර ඇති බව වාර්තාවේ.

ඇගළුම් සේවිකාවන්ට උදැසන ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් ලබාදුන් ආහාර විෂ වීමෙන් හෝ වාතාශ්‍රය අඩුවීම හේතුවෙන් මෙම පිරිස රෝගීවන්නට ඇති බවටද සැක පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top