දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

දිවයිනේ පළාත් කිහිපයකට විශේෂයෙන් දිවයිනේ නිරිතදිග කොටසේ සහ නැගෙනහිර පළාතේ ඉදිරිදින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන සවස 2.00න්පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top