කොටුව දුම්රිය ස්ථානය ආරම්භ කර වසර 100යි

කොටුව දුම්රිය ස්ථානය ආරම්භ කර වසර 100ක් සපිරීම නිමිත්තෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (04) පැවැත්වුණි. මෙම සැමරුම් උත්සවය සංවිධාන කර තිබුණේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීට සමගාමීව ඕල්කට් මාවතේ නව දුම්රිය මගී ප්‍රවේශ මාර්ගයක් හා නව දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු 4ක් ද විවෘත කිරීම ද සිදු විය.

එසේම මෙරට තුළදී ම ප්‍රතිසංස්කරණය කරන ලද S8 වර්ගයේ බලවේග කට්ටලයක් යළි ධාවනයේ යෙදවීමත් විෂය භාර අමාත්‍යවරයාගේ සුරතින් සිදු කෙරිණි. මෙම සැමරුම් උත්සවයට සමගාමීව සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top