තමිල්නාඩුවේ නව ආණ්ඩුකාරවරයා චෙන්නයි නුවරට පැමිණෙයි..

තමිල්නාඩුවේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙන පන්වාරිලාල් පුරෝහිත් මහතා අද චෙන්නයි නුවරට පැමිණියේය. ඔහුව චෙන්නයි ගුවන් තොටුපොළේදී සභා නායක දනපාල්, තමිල්නාඩු මහ ඇමැති එටප්පාඩි පලනිච්චාමි ඇතුළු පිරිස පිළිගැන්විය.

මහරාශ්ට්‍රා ප්‍රාන්ත ආණ්ඩුකාර විද්‍යාසාගර් රාව් මහතාව තමිල්නාඩුවේ වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබූ අතර, තමිල්නාඩුවට පූර්ණ කාලීන ආණ්ඩුකාරවරයෙකු පත්කළ යුතු යැයි විපක්‍ෂය දිගින් දිගටම ඉල්ලා සිටියෝය.

මෙවැනි තත්වයකදී අසාම් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ පන්වාරිලාල් පුරෝහිත්ව ජනාධිපති රාම්නාත් ගෝවින්ද් මහතා විසින් තමිල්නාඩුවේ ආණ්ඩුකාරවරයා ලෙස පසුගිය 30වනදා පත්කර තිබුණි.

හෙට (6) දින පන්වාරිලාල් පුරෝහිත් මහතා වැඩ භාර ගැනීමට නියමිත බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top