පළාත් රැසකට තවඳුරටත් වැසි

අද දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මේ වන විට මිලිමීටර් 50ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුත්තලම, කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශවල ද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

සෙසු මුහුදු ප්‍රදේශවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top