කේ.පී.ගේ විදෙස් ගමන් තවඳුරටත් තහනම් කරයි..

කේ.පී.කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු භාර ප්‍රධානි බව කියන කේ.පි. හෙවෙත් කුමරන් පද්මනාදන් විදේශගත වීම තහනම් කරමින් පැනවූ අතුරු තහනම දෙසැම්බර් 16 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (25) නියෝග කර තිබේ.

පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති රිට් පෙත්සම ඊයේ දින කැඳවා තිබුණි.

හිටපු කොටි ප්‍රධානියකු වූ කේ.පි. සතුව විශාල වත්කම් ඇතුළු විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකරන ලෙසත් කේ.පී. වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කර චෝදනා 193ක් පෙත්සම්කරු විසින් සඳහන් කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top