දරුවන්ට කිසිවකු පහරදුන්නේ නැහැ – කිලිනොච්චිය මහා දේවා ළමා නිවාසයෙන් ග්ලෝබල් පුවත් සේවයට ලිපියක්..

දරුවන්ට නිලධාරින් කිසිවකු පහර නොදුන් බවට කිලිනොච්චිය මහා දේවා ළමා නිවාසයේ නායකයා සහ කිලිනොච්චිය දිස්ත්‍රික්ක හිටපු දිසාපති ටී. ඉරාසනායකම් පවසයි. ග්ලෝබල් පුවත් සේවයට ලිපියක් මඟින් ඔහු මේ බව දන්වා සිටියි.

ඉකුත් ළමා නිවාසයේ සිසුවෙකු පහරදීමකට ලක්වූ බවට පවසා එම සිසුවාගේ පියා විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබුණි. සිද්ධිය සම්බන්‍ධයෙන් ග්ලෝබල් දෙමළ පුවත් සේවය විසින් පුවතක් ද පළ කර තිබුණි. මේ සම්බන්‍ධයෙන් අදාළ ළමා නිවාසයේ භාරකරු පවසා තිබෙන්නේ එලෙස ළමා නිවාසයේ සිටි කිසිඳු දරුවකුට පහරදී නොමැති බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top