විගණන පනතට කැබිනට් අනුමැතිය

ජාතික විගණන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ.

කලින් සකස් කර තිබූ ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන කිහිපයක් සමග ඊයේ දින විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top