සෞඛ්‍ය ඇමැති ජර්මනිය සහ උරුගුවේ පැවැත්වෙන සමුළුවකට

ලබන 15 වන ඉරිදා ජර්මනියේ බර්ලින් නුවර ඇරඹෙන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගිවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සමුලුවේ දී බෝනොවන රෝග මැඩපැවැත්වීම යන තේමාව යටතේ ඇමැතිවරයා සැසිවාරය ඇමතීමට නියමිත බවද පැවැසේ. මෙම සමුලුව ලබන 17 දින දක්වා පැවැත්වෙන අතර, රටවල් 90 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරින් 1600 ක් පමණ මෙම සමුලුවට සහභාගිවීමට නියමිතය. මෙවර සමුලුවේ දී මහජන සහ ගෝලීය සෞඛ්‍ය ප්‍රවර්ධනයේ ඇති වගකීම සහ ඒකාබද්ධ අවස්ථා පිළිබද අවධානය යොමු කර ඇත. සෞඛ්‍ය ප්‍රතිපත්ති, ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාව, එන්නත් පර්යේෂණය සහ වර්ධනය පිළිබදව ද මෙහිදී අවධානය යොමු කිරිමට නියමිතය.

මේ අතර, ලෝක සෞඛ්‍ය සමුලුවට සහභාගිවීමෙන් පසු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උරුගුවේ මොන්ටිවිඩියෝ අගනුවර පැවැත්වෙන බෝනොවන රෝග පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සමුලුවට සහභාගිවීමට නියමිතයි. එම සමුලුව ලබන 18 දින සිට 20 දින දක්වා පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top