ඉල්ලීම් ලැබෙන තුරු දුම්රිය රියැදුරුන් සහ නියාමකවරුන් වර්ජනයක

තම ඉල්ලීම් වලට විසඳුම් ලැබෙන තුරු ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය රියැදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඊයේ පස්වරුවේ සිට කොළඹ කොටුවෙන් ධාවන කටයුතු ආරම්භ කරන දුම්රියන් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් මෙම වර්ජනය තුළින් ජනතාවට සිදුවන අපහසුතා අවම කර ගැනීම සදහා ශ්‍රී ලංගම සේවක නිවාඩු අවලංගු කර ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top