දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර සම්බන්‍ධන්ගෙන් ජනපතිට ලිපියක්..

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට නිසි මොහතකදී විසඳුමක් ලබාදී තිබුණේ නම් සිරකරුවන් බවට පත්ව සිටින බොහෝ දෙනෙකුට දැනට සිඳුව ඇති තත්වය සිඳුනොවන බව සම්බන්‍ධන් මහතා සිය ලිපියෙහි පෙන්වාදී තිබේ.

දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට එරෙහිව තිබෙන එකම සාක්‍ෂිය ඔවුන්ගේ කැමැත්තකින් තොරව ත්‍රස්ත මර්ධන පනත යටතේ ලබාගත් පාපෝච්චාරණය බවද සඳහන් කර තිබේ.

මෙම ලිපියෙහි පිටපත් අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ ඇමැතිවරියට ද යවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top