අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

අද(15) දහවල් 12.00ට පමණ එම ගින්න හටගෙන ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත කෙසෙල්වත්ත පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

දෙමහල් ගොඩනැගිල්ලක පිහිටි නීතීඥ හා නොතාරිස් කාර්යාලයක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්ය.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ 4ක් යොදවා ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top