නාමල් ඇතුළු අට දෙනෙකුට ඇප

අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකු අද ඇප මත මුදා හැරිණ.

හම්බන්තොට ප්‍රදේශයේ දී පසුගිය 6වනදා කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප ලබා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නාමල් රාජපක්ෂ, ඩී. වී. චානක, ප්‍රසන්න රණවීර යන මහත්වරු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර හා අජිත් ප්‍රසන්න යන මහත්වරු පසුගිය 10 වන දා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top