වත්තල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (17) දින රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සිඳුකළ විශේෂ වැටලීමකින් අනතුරුව කේරල ගංජා කිලෝ 137කට වැඩි ප්‍රමාණයක් සොයාගත් අතර සැකකරුවන් දෙදෙනෙකු සහ වෑන් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තලෙයිමන්නාරම සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තාවේ.