ආවා ගෘෘප් : පාතාල කල්ලියක් ද නැතිනම් බුද්ධි අංශ කණ්ඩායමක් ද? – අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කරයි..

sakala-ratnayake සාගලඋතුරේ යතුරු පැදිවලින් සැරි සරන කල්ලිය හමුදා බුද්ධි අංශ බවට ජනතාව එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කරද්දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා ඊට පිළිතුරු නොදී නැගිට ගොස් තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්ණ කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් තමන් කිසිවක් නොපවසන බවත්, මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත්, සිද්ධිය සම්බන්‍ධයෙන් පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර, එම පරික්‍ෂණවලින් අනතුරුව කරුණු ප්‍රකාශ කළ හැකි බව අමාත්‍යවරයා පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top