නිදන් සොයා ගිය හය දෙනෙකු අත්අඩංගුවට

නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් 6 දෙනෙකු එරාවුර් තලවායි සවුකඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එරාවුර් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් අනතුරුව නිදන් හෑරීමට යොදා ගත් උපකරණ සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. කැබ් රථයක්, කැනීම් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල, කඩුවෙල සහ හෙම්මාතගම යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top