හිටපු නාවික හමුදාපති අද්මිරාල් ධුරයට උසස් කෙරේ

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් හිටපු නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් ධුරයට උසස් කර ඇත.

එතුමන් වසර 35 කට ආසන්න කාලයක් නාවික හමුදාව වෙනුවෙන් සුවිශේෂි සේවාවක් ඉටු කර ඇත.

1982 වසරේදී ශ‍්‍රී ලංකා නාවික හමුදා 11 වන ශිෂ්‍යභට නිලධාරි බඳවා ගැනිමට එක්ව ඇති එතුමන්තම මව්බිම වෙනුවෙන් ඉටු කළ සේවාව අතිමහත්ය. අනගිභවනීය සේවයක් ඉටු කර අද (26) දින අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාවෙන් විශ්‍රාම යෑමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top