ජනපති හා කටාර් විදේශ ඇමැති අතර හමුවක්..

කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ කටාර් විදේශ අමාත්‍ය Sheikh Mohamed Bin Abdul Rahaman Al Thani මහතා අතර හමුවක් ඊයේ (25) පැවැත්විණි.

දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංචාරක සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, කටාර් ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ශ‍්‍රී ලංකාවේ ඇති නව ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව ජනාධිපතිතුමා අදහස් දක්වා තිබේ.

දෙරට අතර දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම දෙරටටම වාසිදායක නැවුම් සබඳතා රැසක් ඇතිකර ගැනීමට ජනාධිපතිතුමාගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව කටාර් විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබේ.

සාර්ථක අවස්ථාවල මෙන්ම අසීරු අවස්ථාවන්වල ද ශී‍්‍ර ලංකාව කටාර් රාජ්‍යය සමග අඛණ්ඩව බැඳි සිටීම පිළිබඳව මෙහිදී කටාර් විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙත සිය විශේෂ ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top