ශ්‍රී ලංකාව හා ඉරානය අතර සිරකරුවන් හුවමාරු කිරිමට ගිවිසුමක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර දඬුවම් පමුණුවනු ලැබ ඇති තැනැත්තන් හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන් ඇති කර ගන්නා ගිවිසුම සඳහා ඊයේ (27) අධිකරණ අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

මෙම ගිවිසුම සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍ය ඇලි රාසා අවායි මහතා එරටදී අත්සන් තබා ඇති අතර , අධිකරණ අමාත්‍යතුමිය විසින් ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා හා අමාත්‍යතුමිය අතර ගිවිසුම හුවමාරු කිරීම සිදු විය.

සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම ගිවිසුම යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර එම සිරකරුවා ලැබු දඬුවම ඒ ආකාරයෙන්ම තම මව් රට තුළ බන්ධනාගාරවලදි විඳීමට සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අදාළ ගිවිසුම පිළිබඳව මුලික සාකච්ඡා පසුගියදා අධිකරණ අමාත්‍යතුමිය සහ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා අතර සිදු විය.

මෙම සිරකරුවන් හුවමාරුකිරීමේ ගිවිසුම 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ අත්සන් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top