වව්නියාවේ එල්.ටී.ටී.ඊ.ය විසින් වල දැමූ පතොරම් තොගයක් සොයා ගනී..

වව්නියාව, කල්නට්ටන්කුලම් ප්‍රදේශයේ පිහිටි සංචාරක ස්ථානයකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වල දමා තිබූ බව කියන පතොරම් තොගයක් අද දින සොයා ගෙන තිබේ.

එම ස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් සිටි පිරිසකට මෙම උණ්ඩ තොගය හමුවී ඇති අතර, ඔවුන් වව්නියාව පොලිසයට මේ බව දැනුවත් කර තිබේ.

එම්.ජී.එම්.ජී. වර්ගයේ පතොරම් 500ක් පමණ එහිදී සොයාගෙන ඇති අතර, එය යුද්දය පැවැති කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වල දමා තිබෙන්නෙට ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම පතොරම් තොගය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිෂක්‍රිය කිරීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top