කොස්ගොඩ ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට

කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන තුනක අද (29) අළුයම සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. කොස්ගොඩ මැණික් ගම්මානය, නානතොට කුරුඳුගම්පියස, ඌරගහ යුදපිටිය යන ගම්මානවල නිවාස කිහිපයකට ඇතුළු වී මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව වාර්තාවේ.

කොස්ගොඩ මැණික් ගම්මානයේ තිස්නව හැවිරිදි පුද්ගලයෙකු ද, ඌරගහ යුදපිටිය ප්‍රදේශයේපවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු ද මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. කුරුඳුගම්පියස ගම්මානයේ සිදුකළ වෙඩි තැබීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් හතර දෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවට වාර්තාවේ. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top