භාණ්ඩ සහ සේවා 81 ක් වැට් බද්දෙන් නිදහස් – මුදල් ඇමැති

vat-1 වැටිභාණ්ඩ සහ සේවා 81 ක් වැට් බද්දෙන් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (26) පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

තිරිගු, හාල්, පරිප්පු, උම්බලකඩ, අල, හාල්මැස්සන්, පොහොර, ඖෂධ නිෂ්පාදන, රෝද පුටු, ඩීසල්, භූමිතෙල්, පෙට්‍රල්, ධීව උපකරණ, විදුලිය, අධ්‍යාපන සේවා, පරිගණක උපාංග, මුද්‍රති කෘති, ක්‍රිඩා උපකරණ, ජීවිත රක්ෂන ඇතුළු භාණ්ඩ හා සේවා 81ක් මෙම බද්දෙන් නිදහස් බව අමාත්‍යවරයා පවසා තිබේ.

මෙම භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිළි මත දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට දන්වා ඇති බව ද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top