ඕස්ට්‍රේලියානු අගමැති ශ්‍රී ලංකාවේ සංචාරයක

ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා නොවැම්බර් 02වනදා සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට තානාපති කාර්යාලය සදහන් කරයි.

ඔහු එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවයට වසර 70ක් පිරෙන බැවින් එවැනි මොහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම තමාට සතුටක් බවත්, දෙරට අතර ආර්ථික සබඳතාවය ශක්තිමත් කරගැනීම සඳහා සාකච්ඡා තවදුරටත් සිදුකරගෙන යාමට අපේක්ෂා කරන බව ද ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top