උතුරු පළාත් සභාව ඝාතනයට ලක්වූ සිසුන් වෙනුවෙන් ශෝකය පළ කරයි..

npc2-300x225ඝාතනයට ලක්වූ යාපනය සරසවි සිසුන් වෙනුවෙන් අද දින උතුරු පළාත් සභාවේ ශෝකය පළ කර තිබේ. උතුරු පළාත් සභාවේ 64 වන සැසිවාරය අද දින යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් සභා ගොඩනැගිල්ලදී පැවැත්වුණි.

එහිදී ප්‍රථමයෙන් ඝාතනයට පත්වූ සරසවි සිසුන් සිහි කොට පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක නිරත වූහ.

අනතුරුව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා, ඝාතනයට පත්වූ සිසුන්ගේ පවුල්වලට රුපියල් මිලියන 10ක වන්දියක් ලබාදිය යුතු බව ඉල්ලා සිටියේය. ඒ අතර ඉමානුවේල් ආර්නල්ඩ් මන්ත්‍රීවරයා වන්දිය පමණක් නොව අපක්‍ෂපාති පරික්‍ෂණයක්ද පවත්වා අපරාධකරුවන්ට දඞුවම් ලබාදිය යුතු බව ඉල්ලා සිටියේය

npc1එය ප්‍රමාද වූ විට ආණ්ඩුවේ යාන්ත්‍රණය අඩපණ කිරීමේ උද්ඝෝෂණයක නිරතවීමට සිදුවිය හැකි බවද පවසා සිටියේය.

img_2197

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top