සංඥා භාෂාව සඳහා පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රව්‍යාබාධිත ජනයාගේ සන්නිවේදන භාෂාව වන “සංඥා භාෂාව” පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීමට යයි.

මේ මඟින් බිහිරි තැනැත්තන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමටත්, රජය මඟින් සපයනු ලබන සේවාවන් වෙනසකින් තොරව ඔවුන්ට ලබාදීමටත් ඉඩ සැලසෙනු ඇත.

ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රව්‍යාබාධිත ජනගහනය 389,677 ක් බව සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය පවසයි. ආබාධිත භාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මඟින් සංඥා භාෂාව තදබල බිහිරි තැනැත්තන්ගේ සන්නිවේදන භාෂාව වශයෙන් පිළිගෙන ඇත.

සංඥා භාෂාව ස්ථාපනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති බවත්, ඒ අනුව පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා දැනටමත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යැවීමට පියවර ගෙන ඇති බවත් ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top