යාපනයේ කඩු රැගෙන ගමන් කළ 4ක් අත්අඩංගුවට

යාපනය ඒ9 මාර්ගයේ මඩත්තඩි ප්‍රදේශයේදී කඩු සහ උල් ආයුධ රැගෙන ගමන් කරමින් සිටි තරුණයන් සිව් දෙනෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දින රාත්‍රී 11ට පමණ එම ප්‍රදේශයේ කළ මුර සංචාරයේදී සැක සහිත අයුරින් ගමන් කළ අදාළ තරුණයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන පරික්‍ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී කඩු සහ උල් ආයුධ සොයාගෙන තිබේ.

සැකකරුවන් යාපනය මඩත්තඩි සහ රාසාවින් තෝට්ටම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, වැඩිදුර පරික්‍ෂණවලින් අනතුරුව ඔවුන්ව යාපනය මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top