යුරෝපා සංගමයේ නියෝජිතයන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි..

යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිස අද (01) දින පෙරවරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. බ්‍රිතාන්‍ය නියෝජනය කරන යුරෝපා පාර්ලිමෙන්තු මන්ත්‍රී ජීන් ලෙම්බට් මහතාගේ නායකත්වයෙන් රච්චඩ් කෝපට් මහතා ඇතුළු පිරිස දිවයිනේ සංචාරයක නිරතව සිටිති.

ඔවුන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජිඑස්පී බදු සහනයෙන් රට අනුගමනය කළ යුතු ජාත්‍යන්තර එකඟතා සහ ජාතික සංහිඳියා වැඩපිළිවල ගැන සොයා බැලීමට නියමිතය. උතුරේ සංචාරයක නිරතවූ එම පිරිස අද දින උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවී වත්මන් තත්වයන් ගැන සාකච්ඡා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top