පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස පැවැත්වේ..

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා සහ 31 වැනිදා අතර දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව මැතිවරණය සදහා නාමයෝජනා කැදවීම ලබන 27 වැනිදා සිට සිදුකිරීමට ද නියමිතව ඇත.

නාමයෝජනා කැදවීමේ කාලසීමාව, ඒ සම්බන්ධයෙන් දැන්වීම් පළකරනු ලබන දිනය සහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී නිශ්චිතවම දන්වන බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top