නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් ගෙන ඒමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ – බොදු බල සේනා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කිසිසේත්ම ඉඩ ලබානොදෙන බව බොදුබල සේනා සංවිධානය පවසයි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව පවසා තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබදව සාකච්ඡා කිරීමට පවා කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පවසා තිබේ.

අනවශ්‍ය අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවලින් රටතුල අනතුරුදායක තත්වයක් ඇතිවී තිබෙන බවත්, රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ නව ව්‍යවස්ථා සංශෝධනයක් නොව ජීවත් වීමේ අරගලයට විසදුමක් බව ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top