වව්නියාවේදී වර්ෂාව මැද මිනිස් දම්වැල් විරෝධතාවක්

වව්නියාවේ දී අද පස්වරුවේ දැඩි වර්ෂාව මැද සමාජ සාධාරණත්වය සඳහා වූ මහජන ව්‍යාපාරය විසින් වව්නියාව රෝහල් භූමියේ සිට දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා මිනිස් දම්වැල් විරෝධතාවක් පවත්වා තිබේ.

දේශපාලන සිරකරුවන් සියළු දෙනා වහාම නිදහස් කරන ලෙසත්, ත්‍රස්ත මර්ධන පනත වහාම අහෝසි කරන ලෙසත්, අනුරාධපුර බන්‍ධනාගාරයේ ආහාර වර්ජනයෙහි නිරත දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙසත් ඉල්ලා මෙම විරෝධතාවය පවත්වා තිබේ.

මෙම විරෝධතාවයට ත්‍රීරෝද රථ සංගමය, වෛද්‍යවරුන්, පොදු සංවිධාන ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top