සුළුතරයකගේ හැසිරීම් හමුවේ බහුතරයක් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ නතර කළ නොහැක – ජනපති

සමාජය යහපත් කිරීමට සහ වර්ණවත් කිරීමට ලබාදී තිබෙන නවීන තාක්ෂණය වැරදි අන්දමට භාවිතා කරන ඇතැම් පිරිසක් අද රජය පිළිබද විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙන යමින් නින්දා, අපහාස සිදුකරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා සුළුතරයකගේ හැසිරීම් හමුවේ බහුතරයක් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අතරමග නතර කළ නොහැකි බවද අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ප‍්‍රතිලාභීන් 1012 දෙනෙකු සදහා ස්වයං රැකියා උපකරණ කට්ටල ප‍්‍රදානය කිරීමට ඊයේ (04) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති වැඩසටහන අමතමනි.

රට තුළ තහවුරු කර තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තුළ ඇතැමුන් කුමන අන්දමට කටයුතු කළද රටත් ජනතාවත් වෙනුවෙන් භාරගත් වැඩකොටස නිසි ලෙසම ඉටුකිරීමට තමන් ප‍්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 92 ක් වැය කරමින් මෙම උපකරණ ප‍්‍රදානය කිරීම සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top