ඉන්දීය අගමැති කරුණානිධිගේ සුවදුක් විමසා බැලීමට යයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඩී.එම්.කේ පක්ෂ නායක එම් කරුණානිධිගේ සුවදුක් විමසා බැලීමට චෙන්නායි නගරයට පැමිණ ඇත.

චෙන්නායි නගරයේ පිහිටි කරුණානිධිගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ. ඔහුගේ පුත්‍රයා වන එම් කේ ස්ටාලින් සහ දියණිය වන එම්.කේ කනිමෝලි අගමැතිවරයා පිළිගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

93 හැවිරිදි කරුණානිධි දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිටි. බොහෝ කලකට පසුව ඔහු මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමග සන්ධානගත වුවද අගමැති මෝදි සහ කරුණානිධි අතර හමුව දේශපාලන පෙරළියක පෙර නිමිත්තක් නොවන බව ඩී එම් කේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සදහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top