පෙට්ට්‍රල් වාහනවලට පමණයි නීතිය ඉවතට

වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්ට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර තිබූ නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරේ.

ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ දැනට අවශ්‍ය තරම් පෙට්ට්‍රල් තොග පවතින හෙයින් මෙම තීරණයට එළැඹි බවයි. මෙරට දෛනික පෙට්ට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 2500ක් වේ. කෙසේනමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ දිනයේ පමණක් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 2623ක් නිකුත් කර තිබේ.

එමෙන්ම ඊයේ (07) පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3000ක් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇත. හෙට දිනයේත් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇත.

එමෙන්ම අද (08) පස්වරු 7 පමණ විට අපේක්ෂිත පෙට්ට්‍රල් නැව ලංකාවට සේන්දු වීමට නියමිතව තිබේ. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ මේ වන විටත් අවශ්‍ය තරම් පෙට්ට්‍රල් තොග පවතින බවයි. එබැවින් පෙට්ට්‍රල් වාහනවලට පමණක් ලබා දිය යුතු බවට පනවා තිබූ නීතිය ඉවත් කිරීමට වහාම පියවර ගත් බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top