ඉන්ධන රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට ළඟා වෙයි..

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාව අද(08) රාත්‍රියේ දිවයිනට සේන්දු වීමට නියමිත බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, එය දිවයිනට පැමිණි පසු ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන් ම විසිඳෙනු ඇති බවය.

අදත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් තුන්දහසක් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කිරීමට ඛනිජතෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනූව පාර්භෝගිකයන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීමට හැකිවන බව ද ලේකම්වරයා කියා සිටි.

කෙසේ වෙතත් ඊයේ(07) රාත්‍රියේත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ඉන්ධන හිඟය මගහැරෙන තෙක් වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන්නැයි නියෝගයක් නිකුත් කර තිබුණ ද පසුව එය ඉවත් කෙරුණි.

පෙට්‍රල් අර්බුදය කළමනාකරණය කිරීම හා ඊට හේතුවූ කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා ඊයේ කැබිනට් අනු කමිටුවක් ද පත් කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top