ශ්‍රී ලංකා හමුදාවට එරෙහි චෝදනා ගැන අවධානය යොමු කරනු ලැබේ – එ.ජා. සංවිධානය

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව චෝදනා පිළිබඳ අවධානය යොමු කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන් ටුජෝරික් මේ බව පවසා තිබේ.

හමුදාව වද හිංසාවලට සම්බන්‍ධ බවට චෝදනා එල්ලවී තිබුණි. එම චෝදනා සම්බන්‍ධයෙන් අවධානය යොමු කර ඇති බව හෙතෙම පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට සෙබළුන් තෝරාගන්නේ කෙසේ දැයි ප්‍රශ්ණ කර තිබේ. එම ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පවසා තිබේ.

ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් කිහිප දෙනෙකු තමන් වදහිංසාවට ලක්වු බවට මෑතකදී චෝදනා කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top