තංගල්ල, මැඩිල්ල මුහුදු තීරයේදී දියේ ගිලීමෙන් ජර්මන් ජාතිකයෙකු මියගොස් තිබේ.
ඔහු සිය බිරිඳ සමග මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බව පොලිසිය සඳහන් කරයි.
දියේ ගිලීමෙන් අනතුරට පත්වූ ජර්මන් ජාතිකයා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තාවේ.