යාපනය සන්ඩිලිප්පායි ජේ/143 ග්‍රාම සේවා වසමේ ජනතාව විශාල පිරිසක් ජීවත්වන ප්‍රදේශයක නිසි අනුමැතියකින් තොරව පවත්වාගෙන යන කුකුල් ගොවිපල හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි සෞඛ්‍ය හා පරිසර ගැටලු ඇතිවී තිබේ.
ගොවිපලෙන් ඉවත දමන කසල හේතුවෙන් ප්‍රදේශයේ මැස්සන් බෝවීමෙන් අවට නිවස්වල ජිවත්වන ජනතාව දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටිති. මෙවැනි තත්වයකදී ප්‍රදේශයේ ජනතාව අතර කොලරාව, පාචනය, උණ වැනි බෝවන රෝග පැතිර ගොස් තිබේ.
මෙම කුකුල් ගොවිපල සෞඛ්‍ය අංශය හා ප්‍රාදේශිය සභාවේ අනුමැතියකින් තොරව පවත්වාගෙන බව පැවැසේ. මේ සම්බන්ධයෙන් අදාල බලධාරින්ට දැනුම් දුන් නමුත් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, නීති විරෝධී ලෙස පවත්වාගෙන යන මෙම කුකුල් ගොවිපල වසා දැමීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා තිබේ.