කේරල ගංජා සමග සුරාබදු නිළධාරියෙකු අත්අඩංගුවට

කත්තන්කුඩි ප්‍රදේශයේදී කේරල ගංජා සමග සුරාබදු නිළධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් අතුරුව කාත්තන්කුඩි පරණ කල්මුණ පාර ප්‍රදේශයේදී අදාල සුරාබදු නිළධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී කේරල ගංජා ග්‍රෑම් 775ක්ද සොයාගෙන තිබේ. වව්නියාව සුරාබදු කාර්යාලයේ සුරාබදු නියාමකවරයෙකු ලෙස සේවය කරන සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top