පිටිගල ප්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ගිනි අවියක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පිටිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පිටිගල ගංඉම ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධක යොදා අද අලුයම සිදු කළ රථ වාහන පරීක්ෂාවකදී, ත්‍රීරෝද රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී මෙම පුදලගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී නීති විරෝධි ගිනි අවියක්, ජීවි උන්ඩ හතරක් සහ ආයුධයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top