මම ආණ්ඩුවේ ඉදන්ම අරගල කරනවා – රාධක්‍රිෂ්ණන්

තමන් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් අරගල කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් බලයට ගෙන ආ ආණ්ඩුවෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඊයේ පස්වරුවේ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානය් පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් වී.රාධක්‍රිෂ්ණනන් මහතා මෙම අදහස් පළ කළේය.

තම අමාත්‍ය ධූරයේ තවඳුරටත් කටයුතු කරන්නේ ද නැතිද යන්න සම්බන්‍ධයෙන් තීරණයකට එළඹෙන බව රාධාක්‍රිෂ්ණන් මහතා පසුගියදා පවසා තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top