හම්බන්තොට උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගතකර සිටි 31 දෙනාට ඇප

අධිකරණ නියෝග කඩ කරමින් හම්බන්තොට දී උද්ඝෝෂණයේ නිරත වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 31 දෙනාට අද ඇප ලබාදී තිබේ.

පසුගිය මස 6වනදා හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට අධිකරණ නියෝග කඩ කරමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරතවූහ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග හතලිස් දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, නාමල් රාජපක්ෂ මහතා ඇතුලු නව දෙනෙකු මීට පෙර ඇප මත මුදා හැර තිබුණි. සෙසු පිරිස අද දින ඇප මත නිදහස් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top