ඉරාන – ඉරාක දේශසීමාවේ සිඳුවූ භූමි කම්පාවෙන් මියගිය ගණන 452 දක්වා ඉහළට

ඉරාන- ඉරාක ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 452ක් දක්වා ඉහළ ගොස් තිබේ. තුවාල ලබා ඇති ගණන 7000 ඉක්මවා ඇති බව ද වාර්තාවේ.

මැග්නිටියුඩ් ඒකක 7.3ක ප්‍රබලත්වයක් සටහන් කරමින් ඉරාන- ඉරාක කඳුකර දේශසීමාවේ පෙරේදා රාත්‍රීයේ හටගත් මෙම භූ කම්පනය මේ වසරේ සිදු වූ දරුණුතම ස්වාභාවික විපත ලෙස හඳුනාගෙන ඇත.

සුන්බුන් අතර සිරවි සිටින අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර භූ කම්පනයෙන් විපතට පත්වූවන් සඳහා සහන ලබාදීමේ කටයුතු ද මේ වන විට අඛණ්ඩව සිදුවන බව සඳහන් වේ.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top