ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව කොළඹට

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව අද (14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. නිව්කාසල් නෞකාව දිගින් මීටර් 138.1 කින් යුක්ත වන අතර, පළලින් මීටර් 14.3 ක් වේ. ටොන් 4200 ක ධාරිතාවකින් යුක්ත නෞකාවේ 184 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් ද තිබේ.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී විවිධ වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස 17 වන දින නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top