කිලිනොච්චියේ ළඳරුවන්ට, ගැබිනි මවුවරුන්ට දින දෙකකින් කල් ඉකුත්වන ත්‍රිපෝෂ

කිලිනොච්චියේ දී ගැබිනි මවුවරුන්ට හා ළදරුවන්ට ලබාදී ඇති ත්‍රිපෝෂ දින දෙකකින් කල් ඉකුත්වන තත්වයක ලබාදී ඇති බවට කනස්සල්ල පළ කර තිබේ. කිලිනොච්චිය උරුත්තිරපුරම්, සිවනගර්, උදයනගර් වැනි ප්‍රදේශවල මෙලෙස කල් ඉකුත්වීමට නියමිත ත්‍රිපෝෂ ලබාදී තිබේ.

13.11.2017 දින ලබාදුන් ත්‍රිපෝෂ පැකට් සියල්ල 15.11.2017 දින කල් ඉකුත්වන බව සඳහන් කර තිබේ. මේ සම්බන්‍ධයෙන් දෙමව්පියන් හා ගැබිනි මවුවරුන් කිහිප දෙනෙකු ප්‍රශ්ණ කළ ද, එය ගැන කිසිඳු උනන්දුවක් නොදැක්වූ නිලධාරින් තියෙන්නේ මෙය බවත්, ඕනේ නම් අරන් යන්න නැතිනම් තියලා යන්නැයි පවසා තිබේ.

ඉතා දිළිදු තත්වයක ජීවත් වන බොහෝ දෙනෙකු වෙනත් විකල්පයක් නැති හෙයින් එම ත්‍රිපෝෂ රැගෙන ගොස් තිබේ. මෙම ත්‍රිපෝෂ පැකට් අවම වශයෙන් සති දෙකක් තියාගන්නා අතර, දින දෙකකින් කල් ඉකුත්වන තත්වයක තිබෙන බව ජනතා පවසා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top