සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (16) ආරම්භ වූ ටෙස්ට් තරඟයට මේ වන විට වර්ෂාවෙන් බාධා ඇති වී තිබෙන බව වාර්තා වේ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය පරිදි මුලින් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ඉන්දීය කන්ඩායම මේ වන විට පන්දුවාර 8.2 කදී කඩුළු 02 ක් දැවී ලකුණු 17 ක් රැස්කරගෙන සිටියි.