පළාත් පාලන නාමයෝජනා දැන්වීම නොවැම්බර් 27 දා නිකුත් කෙරේ – මැතිවරණ කොමසාරිස්

පළාත්පාලන මැතිවරණ පැවැත්වීම සඳහා වන නාමයෝජනා දැන්වීම නොවැම්බර් 27 වැනි දින නිකුත් කිරීමට මැතිවරණ කොමිසම ඊයේ (17) තීරණය කර තිබේ.

මැතිවරණ දැන්වීම නිකුත් කොට දින 14කින් පසු නාමයෝජනා කැඳවීම ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

නොවැම්බර් 27 දා සිට දින 17 ක් ගත වූ පසු නාමයෝජනා බාර ගැනීම අවසන් කෙරෙනු ඇත. නාමයෝජනා කැඳවීමේ දැන්වීම දිස්ත්‍රික් තේරීම් බාර නිළධාරීන්ට හෝ එක් එක් පළාත්පාලන ආයතනවල දිස්ත්‍රික් සහකාර තේරීම් බාර නිළධාරීන් වෙත නිකුත් කෙරෙන අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන බව ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top