පොලිස් ස්ථාන ප්‍රමාණය වැඩි කිරීමට තීරණයක්

pujith-jayasundara- පූජිතදිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන ප්‍රමාණය වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි.

මහියංගනය රිදියමල්ලියත්ත ප්‍රදේශයේ පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

මෙරට ජනතාවට සැකෙන් බියෙන් තොර සමාජ වටපිටාවක් සැකසීම සදහා පොලිසියේ කාර්යභාරය තව තවත් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top