ගංජා සමග හය දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී කේරල ගංජා සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 222ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දඹුල්ල සහ තල්ගස්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හදුනාගෙන ඇත්තේ.

කොඩිකාමම් ප්‍රදේශයේදී ද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ කේරල ගංජා කිලෝග්‍රෑම් 36ක් ද සමගයි. අවුරුදු 21 සහ 19 වයස්වල පසුවන ඔවුන් කොඩිකාමම් ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමක දී කේරල ගංජා කිලෝග්‍රෑම් දෙකක් සමග සැකකාරියක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කේරල ගංජා සමග තවත් සැකකරුවෙකු පුත්තලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය සදහන් කළේ. බස් රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ කේරල ගංජා කිලෝග්‍රෑම් 5ක් ද සමගයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top