යාපනය කඩු කැපුම් සිද්ධීන් සම්බන්‍ධයෙන් 81ක් අත්අඩංගුවට – 75කට ඇප..

මෑත කාලය තුළ යාපනයේදී සිඳුවූ කඩුවලින් පහරදීමේ සිද්ධියට සම්බන්‍ධ යැයි සැකපිට 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

පසුගිය දිනවල පොලිසිය විසින් කළ විශේෂ මෙහෙයුම්වලින් අනතුරුව කඩුවලින් කැපුම් තුවාල සිඳුකළ සිද්ධීන්වලට සම්බන්‍ධ යැයි සැකපිට 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් කළ විමර්ශනවලින් පසු ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 75 දෙනෙකු ඇප මත නිදහස් කර ඇති අතර, තවත හය දෙනෙකු අධිකරණ නියෝග මත රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබේ.

මේ අතර, අදාළ සැකකරුවන් සතුව තිබී යතුරු පැදි හතක්ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර, ආරක්‍ෂක අංශය තවඳුරටත් දැඩි සෝදිසියක නිරතව සිටින බවද රොෂාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top